පල්ලේකැලේදී මුරලිගේ නම ඉස්සූවේ කවුද ?

පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කර තිබුණද කවරකු විසින් හෝ මේ වන විට එය ඉවත් කර ඇතැයි මුත්තයියා මුරලිදරන්ගේ පියා වන සින්නසාමි මුත්තයියා මහතා අද මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ට දැනුම් දුන්නා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙසයි සුපිරි ක්‍රීඩකයාගේ පියා නාහිමියන්ගෙන් ඉල්ලීමක් සිදුකළේ.
ටෙස්ට් කඩුලු 800ක් දවාගත් අවස්ථාවේදී  හිටපු ජනාධිපතිවරයා විසින් මුරලිගේ නම පල්ලේකැලේ ක්‍රීඩාංගනයට යෙදූ බවද මෙහිදී සදහන් කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close