වැලිකඩ සිද්ධිය ගැන හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රශ්න කරන ලකුණු

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුලු පිරිසකගෙන් ඉදිරි දින කිහිපය තුල ප්‍රශ්න කිරීමට නියමිත බවට තොරතුරු වාර්තාවනවා.
හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කිහිපදෙනකුගෙන් ඒ යටතේ ප්‍රශ්න කිරීමට නියමිත බවයි අනාවරණවන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිඛෙනවා.

2012 වර්ෂයේ නොවැම්බර් 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්‌ ඇති වූ අතර රැඳවියන් එල්ල කළ ප්‍රහාරවලින් එවකට සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා ඇතුළු පොලිස්‌ නිලධාරීහු කීපදෙනෙකුද තුවාල ලබා තිබුණා.
සිද්ධියේදී රැදවියන් 27 දෙනකුද මිය ගිය අතර එය සැලසුම් සහගත ඝාතනයක් බවටයි චෝදනා එල්ලවන්නේ.
වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ යුද හමුදා කණ්‌ඩායමක නම් ලැයිස්‌තුවකට අනුව රැඳවියන් තෝරාගෙන ඔවුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට මෙම චෝදනාව එල්ලවුණා.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේ ප්‍රධාන සාක්‍ෂිකරු වූ සුරේෂ් නන්දිමාල් මහතාගේ මොරටුවේ පිහිටි නිවසට නාඳුනන පිරිසක්‌ විසින් පසුගියදා වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close