ආයුධ පෙන්වා පාසල් සිසුන් බියකළ පිරිසක් සොයා පරීක්ෂණ

හැටන් , මස්කෙළිය මොන්ටිෆෙයාර් වතු පාසලට පැමිණෙමින් සිටි සිසු සිසුවියන් පිරිසක් මුහුණ ආවරණය කරගත් තිදෙනෙකු විසින් උල් ආයුධ ඇතිව පැමිණ බිය ගැන්වුයේ යැයි කියන සිද්ධියක් සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසිය විශේෂ පරික‍්ෂණයක් ආරමිභ කර තිඛෙනවා.
මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික‍්ෂණ ටිරෝන් රත්නායක මහතා සදහන් කළේ අද උදෑසන 7 යි 45ට පමණ මෙම සිද්ධිය වාර්තාවී ඇති බවයි.
මෙහිදී බියට පත්වූ සිසුවියන් අටදෙනෙකු හා සිසුන් තිදෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුල්වි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
එම සිසුන් බිය වි ඇති බවත් ඔවුන්ට වෙනත් කිසිදු ශාරීීරික පිඩාවක් සිදු නොවි ඇති බවත් මස්කෙළිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close