උතුරු කොරියාවේ නවතම අත්හදා බැලීම හිරෝෂීමා බෝම්බය මෙන් 16 ගුණයක්

උතුරු කොරියාවේ නවතම න්‍යෂ්ඨික අත්හදා බැලීම හිරෝෂිමාවට අමෙරිකාව හෙළු පරමාණු බෝම්බය මෙන් 16 ගුණයක් ප්‍රබල බව අමෙරිකානු වාර්තා අනාවරණ කරනවා.
ඒ අනුව කිලෝටොන් 250ක අගයක් ගන්නා එම අත්හදා බැලීම මෙතෙක් පෘථවිය මත සිදුකළ බිහිසුණුම අත්හදා බැලීමක් බවයි අනාවරණවී ඇත්තේ.
එවන් බෝම්බ ප්‍රහාරයක් පෘථවියේ කිසියම් ස්ථානයකට එල්ලවුවහොත් එමගින් මිනිස් ජීවිත මිලියන 3 කට වැඩි ප්‍රමාණයක් එකවර විනාශ විය හැකි බවටද අනතුරු ඇගවීම් නිකුත්වී තිඛෙනවා.
මෙම අත්හදා බැලීම හේතුවෙන් උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කරන බවයි ජගත් ආරක්ෂඛ මණ්ඩලය නිවේදනය කළේ.
ඊට උතුරු කොරියාවද මේ වන විට ප්‍රතිචාර දක්වා තිඛෙනවා.
ඒ තමන් 7 වන න්‍යෂ්ඨික අත්හදා බැලීමටද සූදානම් බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close