බස්නාහිර පළාත් සභාවේ 3ක් තනතුරුවලින් පන්නයි

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත්/ සභානායක සුනිල් ජයමිණි සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිඛෙනවා.

පුරප්පාඩු වූ එම තනතුරු සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස චන්දන ජයකොඩි/ සභානායක ලෙස හෙක්ටර් බෙත්මගේ සහ ගිණුම් කාරක සභාවේ වැඩබලන සභාපති ලෙස සුමිත් සොයිසා යන මහත්වරුන් පත් කිරීමටද පියවර ගෙන තිඛෙනවා.

මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේ විසිවැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශකිරීම හේතුවෙන් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් තමන් ඇතුලු පිරිස තනතුරුවලින් ඉවත් කර ඇති බවයි.

විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසකට නව තනතුරු ලබාදී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close