ලංකාව යලිත් 2019 ලෝක කුසලානයට ලංවෙයි

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ අපේක්ෂා අද යලිත් වර්ධනය වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර ඊයේ පැවැත්වීමට නියමිත වූ එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීම හේතුවෙන්.

මේ වන විට 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් ඍජුව සුදුසුකම් ලබා ඇති අතර එහි අවසන් කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වන්නේ ඉදිරි එංගලන්ත කොදෙව් තරගාවලියේ ප්‍රතිඵලය මතයි.

කොදෙව් කණ්ඩායම ඊට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ සියලූම තරග ජය ගැනීම අනිවාර්ය වී තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close