ලෝක කණ්ඩායම දිනවූ තිසරගේ සුපිරි ගැහිල්ල

ලෝක කණ්ඩායම හා පකිස්ථානය අතර දෙවන තරගයේ ජය හිමිකර ගැනීමට ලෝක කණ්ඩායම සමත් වුණා. ඒ තරගයේ අවසන් මොහොතේදී ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරාගේ සුපිරි පිතිහරඹය හේතුවෙන්.අවසන් පන්දුවර 3ට ලකුණු 49ක් අවශ්‍යව තිබියදී පන්දු 19ක් තුල ලකුණු 47ක් නොදැවී රැස් කිරීමටයි තිසර පෙරේරා සමත් වුණේ. මේ ඔහුගේ සුපිරි පිතිහරඹයයි.

තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 20කුල කඩුලු 6කට ලකුණු 174 යි.
බාබර් අසාම් ලකුණු 45යි. මොහොමඩ් ෂෙෂාඩ් ලකුණු 43යි.
තිසර පෙරේරා හා සැමුවෙල් බද්රි කඩුලි 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5කදී කඩුලු 3කට ලකුණු 175 යි.
අම්ලා පන්දු 55 කදී නොදැවී ලකුණු 72 යි.
තිසර පෙරේරා පන්දු 19 කදී නොදැවී ලකුණු 47 යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close