වර්ජනය අස්සේ උවමනාවෙන් විදුලිය විසන්ධි කළ විදුලි සේවකයෙක් මාට්ටු

විදුලි සේවකවර්ජනය අතරතුරු සිතා මතා විදුලිය විසන්ධි කළැයි සැකපිට කුලියාපිටිය විදුලිබල මණ්ඩලයේ සේවකයකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
සිය ඉල්ලීම් ලබාදෙනතෙක් කිසිදු නඩත්තු කටයුත්තක් නොකරන බව පවසමින් විදුලි සේවකයින් වර්ජනය කරමින් සිටින අතර රාත‍්‍රි කාලයේ දී උවමනාවෙන් විදුලිය විසන්ධි කර ඇති බවටයි සැකකරුට චෝදනා එල්ලවී ඇත්තේ.
කුලියාපිටිය ඇස්සැද්දුම විහාරය අසල උපපොලේ විදුලිය විසන්ධි කළ බව කියන සැකකරු වර්ජනයට සම්බන්ධ පුද්ගලයකුද වනවා.
සැකකරු වර්ජකයින්ගේ රැස්වීමකටද සහභාගී වූවෙක් ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close