ක්‍රිකට් කන ක්‍රිකට් භක්ෂකයින්ට මහේලගේ විරෝධය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වාට වසර 2ක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ගෙන ඇති තීරණය සුපිරි පිතිකරු මහේල ජයවර්ධන විසින් හෙළා දැක තිඛෙනවා. ට්විටර් පණිවිඩයක් මගින් මහේල පවසන්නේ තරග පාවාදීම ප්‍රතික්ෂේප කළ චාමර සිල්වාට වසර 2ක තහනමක් පනවා සිද්්ධියේ වරදකරුවන්ට වසරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව කටයුතු කිරීම අසාධාරණ බවයි. අවංක ක්‍රීඩකයකු ලෙස චාමර සිල්වා කිසිදු අවස්ථාවක තරග පාවාදීමට සම්බන්ධ නොවන බවද ට්විටර් ඔස්සේ ප්‍රතිචාර දක්වමින් මහේල ප්‍රකාශ කරනවා.

12

 

3

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සමයේ දැඩි අන්තගාමීව හා පසුගාමීව මෙන්ම සදාචාර විරෝධී ලෙසද කටයුතු කර තිබීම මෙරට ක්‍රිකට් පරිහානයේ ආරම්භය බවටයි චෝදනා එල්ල වන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහි තරගාවලියේදී මෙරට බුකි හා සූදු පලවල් හරහා තරග සම්බන්ධයෙන් නීතී විරෝධී ඔට්ටු ඇල්ලීම් සිදුවන්නේ සදාචාරයට ගරුකර ධුරයෙන් ඉවත්වීමට පවා ක්‍රිකට් ආයතනයේ ඇතමුන් කටයුතු නොකළ බවට ක්‍රීඩා ලෝලීන් දැඩිව චෝදනා එල්ල කරනවා. එසේම දේශපාලනඥයන් වෙනුවට ක්‍රීඩකයින්ට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව භාර නොදෙන්නේ නම් අවසන් කටයුතු සිදුකිරීමට මේ වන විටත් පාර කපා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් යලි නොඑන ලෙසද මැකී යාම ස්ථිර වනවා. චාමර සිල්වා මෙම පරීක්ෂණයේදී වරදකරුවකු නොවන තත්ත්වයක් තුල ඔහුට එරෙහිව පියවර නොගෙන ක්‍රිකට් අනුභව කරන දේශපාලන භක්ෂකයින්ට පලයව් යන්න කිමට ක්‍රීඩාලෝලීන් ඉදිරිපත්විය යුතු අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් දේශපාලන පක්ෂයක් මුල් කර ගනිමින් රකින ක්‍රිකට් පිළිබද වගකිව යුතු දේශපාලකයින්ටද මැතිවරණයකදී හෝ ප්‍රතිචාර දැක්වීම ජනතාවගේ වගකීම බවයි අප සිහිපත් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close