ජනපති අද නිව්යෝර්ක් යයි

ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ රටවල් එකසිය අනූතුනක සහභාගිත්වයෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර ඇරඹී එක්සත් ජාතින්ගේ සංවිධානයේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායකයින්ගේ සැසියට සහභාගි විම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යනවා.

ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම, තිරසර ලෝකයක සැමට සාමය සහ සාරවත් ජීවිතයක් යන්න මෙවර සමුළුවේ තේමාවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයින්ගේ සැසියේ සමාරම්භක දිනයේදීම (19) සැසිය ඇමතීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය සැසිවාරය අමතන තෙවන අවස්ථාව මෙයයි. සැසිවාරයට සහභාගි වන රාජ්‍ය නායකයින් රැසක් සමඟ ජනාධිපතිවරයා නිව්යෝක් නුවරදි සාකච්ජා පැවැත්විමට නියමිතව තිඛෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close