ජනවරම දිනවූ දෙවසර මාවතගමටත් සුබයි / ජේ සී අලවතුවල

2015 ජනවාරි 8 හා අගෝස්තු 17 ජන වරම තුල රටට අංශ ගණනාවක ජයග්‍රහණ ලබාදීමට රජය සමත්ව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී / පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිදායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මාවතගම ආසනයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම හා විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමින් පරගහදෙණිය විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු පැවැති උත්සවයේදීයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

තමන් 2015 ජනාධිපතිවරණයට ආසන්න සමයේ ආසනය භාරගත් නමුත් මාවතගම ජනතාව විශාල ශක්තියක් ලබාදෙමින් විශිෂ්ට ජයග්‍රහණ දෙකකට දායකත්වය ලබාදුන් බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
ඒ වෙනුවෙන් ඉකුත් දෙවසර තුල මාවතගම ආසනයේ දැවැන්ත සංවර්ධන මෙහෙයුමක් දියත් කිරීමට හැකියාව ලැබීම පිලිබද සතුටට පත්වන බවද ජේ සී අලවතුවල මහතා මෙහිදී අවදාරණය කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close