පොදුජන පෙරමුණේ ජන්ද සටනේ නායකත්වය චමල්ට

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධාන ගතවීමේ ගිවිසුම් අත්සන් කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ හා සංවිධාන  14 ක් මෙසේ ගිවිසුම අත්සන් කරන බවයි අනාවරණ වන්නේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නායකත්වය චමල් රාජපක්ෂ මහතාට බාරදීමට එහි පක්ෂ නායකයෝ තීරණය කර ඇතිඛෙනවා.
පසුගිය සමයේ පළාත් පාලන ආයතනවල සභාපති ධූර දැරූවන් බහුතරයක් මෙම මැතිවරණයේදී පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට නියමිත බවද වාර්තාවනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close