ළමා රෝහලට නව හෘද දැඩි සත්කාර ඒකකයක්

ආසියාවේ ඉහළම රෝගී සත්කාර සේවා සපයන ළමා රෝහලක් සේ ප්‍රකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි දියුනු කරමින් හෘද උරස් ප්‍රතිකාර හා දැඩි සත්කාර රෝගී සේවා සංකීර්ණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ මුල්ගල් තැබුණා.
රිජ්වේ ආර්යා ළමා රෝහල ඇඳන් 969 කින් යුත් තෘතියික සත්කාර සේවා සපයන රෝහලක් වන අතර එහි සියලුම වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර කෙෂත්‍ර වලින් යුක්තය. ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 380,000 දෙනාගෙන් 3000 ක් පමණ සංජානීය හෘද රෝග සහිතව උපදී.

එයින් 2500 ක් පමණ දෙනාට ප්‍රතිකාර අවශ්‍ය වේ. එහෙත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මෙවැනි සැත්කම් කළ හැක්කේ 1600 ක් පමණි. එයින් 900 ක් හෘද සැත්කම් වේ. 700 ක් කැතීටකරණ සැත්කම් වේ.

නව ප්‍රතිකාර සේවා සංකීර්ණය ආරම්භ වීමත් සමඟ හෘද සැත්කම් 2000 ක් ද කැතිටකරණ සැත්කම් 900 ක් ද සිදුකළ හැකි වනු ඇත. නව ගොඩනැගිලි සංකීර්ණය ආරම්භ කිරිීමෙන් පසු සියලු සේවා එම ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන යාම අපේක්ෂාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *