මංකොල්ලකරුවකු ලෙස සැරසුණු නළුවකුට අමෙරිකානු පොලිසියෙන් වෙඩි

අමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේදී මංකොල්ලකරුවකු ලෙස සැරසී රංගනයක නිරතව සිටි නළුවකුට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිඛෙනවා.
ඒ ගිනි අවියක් දරා සිටින තැනැත්තකු වෙළදසැලක දොරටුව අසලටවී තර්ජනය කරමින් සිටින බවට ලද හදිසි ඇමතුමක් හේතුවෙන්.
ඒ අනුව එම ස්ථානයේ රූගත කිරීමක් සිදුවන බව නොදැන සිටි පොලිස් නිලධාරීන් මංකොල්ලකරුට යටත්වීමට අණ කරමින් වෙඩි ප්‍රහාර කිහිපයක්ම ඔහුට එල්ල කළද වාසනාවකට එම වෙඩි ඉලක්කයට යොමුවන්නේ නැහැ.
පසුව රංගන ශිල්පියා විසින් මෙය රූගත කිරීමක් බව පවසමින් ගිනි අවිය පසෙක දමා පොලිසියට යටත් වන ආකාරයේ වීඩියෝ දසුනක්ද නිකුත්වී තිඛෙනවා.
ඉන් පසු සිදුකල පරීක්ෂාවේදීයි පොලිසිය අත්වැරදීමක් සිදුව ඇති බව පිලිගෙන ඇත්තේ.
පසුගියදා ලාස් වේගාස්හී සිදුවූ වෙඩි තැබීම හේතුවෙන් අමෙරිකානු පොලිසිය ගිනි අවි සම්බන්ධ සිද්ධීන් පිළිබද දැඩිව කටයුතු කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *