අතුරුදන්වූ මාධ්‍යවේදිනියගේ කපා වෙන් කළ හිස සොයාගනී

මාස 2කට පෙර අතුරුදන්වූ ස්වීඩන මාධ්‍යවේදීනි කිම් වෝල්ගේ කපා වෙන්කරන ලද හිස හා සිරුරු කොටස් කිහිපයක් සොයාගෙන තිඛෙනවා.
ඒ නෙදර්ලන්ත මුහුදේ පාවෙමින් තිබියදීයි.
නදර්ලන්තයේ නව නිෂ්පාදකයකු වන පීටර් මෑඩ්සන් නැමැත්තා විසින් නිවසේදී නිර්මාණය කළ සබ්මැරීනයක් පිළිබද වාර්තා කිරීමට ගිය අවස්ථාවේ අගෝස්තු 10 වනදා ඇය අතුරුදන්වුණා.
සිද්ධියට අදාළව පීටර් මෑඩ්සන් අත්අඩංගුවට ගත් අතර ඔහු පොලිසියට පවසා තිබුණේ ඇය සබ්මැරීනයේ ගැටී මිය ගිය බවයි.
ඒ අනුව සැකකරුට එරෙහිව නඩු පවරා තිඛෙනවා.
මාධ්‍යවේදිනියාගේ මළ සිරුරේ පිහි ඇණුම් පහර 15ක් පවතින බවයි අනාවරණවී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *