සදට යළි මිනිසුන් යවන්න / ට්‍රම්ප්ගෙන් නාසා ආයතනයට නියෝග

අමෙරිකාව විසින් දශක කිහිපයක් පුරා අත්හිටුවා තිබූ සද ගමන් යළි ආරම්භ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිඛෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජනාධිපතිවරයා විසින් නාසා බලධාරීන්ට නියෝගය ලබාදී ඇති බවයි.
1972 වසරෙන් පසු අමෙරිකාව සද වෙත මිනිසකු යොමුකර නැහැ.
බැරක් ඔබාමා පාලනයට මෙම යෝජනාව ඉදිරිපත්වූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප වී තිබුණා.
ඔබාමා ජනාධිපතිවරයා උපෙදෙස් ලබාදී තිබුණේ සද නොව අගහරු ඉලක්ක කර ගනිමින් නාසා මිනිසුන් සහිත මෙහෙයුම් සිදුකරන ලෙසයි.
එහෙත් ට්‍රම්ප් මහතා විසින් ලබාදුන් නියෝගය අනුව අමෙරිකානු සද තරණ මෙහෙයුම් යලි ඇරඹෙනු ඇති බවයි අමෙරිකානු උප ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *