ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් ලංකාව ජය ගනී

ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් ඩුබායිහීදී පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ පලමු කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුණා.
ඒ තරගාවලියේ දෙවන තරගයෙන් පකිස්ථානය ලකුණු 68 කින් පරදවමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 482 ක් ලබාගත්තා.
දිමුත් කරුණාරත්න ලකුණු 196 යි.
පකිස්ථානය මුල් ඉනිමට ලකුණු 262 යි.
ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ලබාගත්තේ ලකුණු 96 ක් පමණයි.
ඒ අනුව තරගය ජය ගැනීම සදහා පකිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 317 ක්. කෙසේ වෙතත් පකිස්ථාන ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු ලකුණු 23ක් තුල දවා ගනිමින් ශ්‍රී ලංකා පිල තරගය ජයගත්තා.
පකිස්ථානය දෙවන ඉනිමට ලකුණු 248 යි.
තරගයේ හා තරගාවලියේ වීරයා බවට දිමුත් කරුණාරත්න පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *