You are here
Home > 2017 > October > 11

ස්ත්‍රී දූෂණයකට රත්තොට පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

රත්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිඛෙනවා. ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බවයි පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ.සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.

සිසුන් 33163ක් ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ පන්නලා

2017 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව විභාගයට පෙනී සිටි සිසුන් 350462 න් සිසුන් 33163ක් දිස්ත්‍රික්ක කඩඉම් ලකුණු ප්‍රමාණයට ඉහළ ලකුණු ලබාගෙන තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු ලෙස සැලකෙන ලකුණු 70ට වඩා 243236ක් ලබගෙන ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය 69.40ක් බව එම විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා. කඩඉම් ලකුණු

පංචායුධයෙන් ජනපතිට දුන් යෝජනා මෙන්න

ජනාධිපතිවරයා සමග අද පැවැත්වෙන සාකච්ජාවේදී ජාතික නිදහස් පෙරමුණ විසින් භාර දෙනු ලැබූ යෝජනා මාලාව එම පෙරමුණ විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිඛෙනවා. මේ එම යෝජනා මාලාවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක‍ෂයක් ලෙස ජාතික වැදගත්කමක් සහිත බරපතළ ගැටළු කිහිපයක් පිළිබඳව ඔබතුමා සමග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව පළමුවෙන්ම අපි ඔබතුමාට

විමසිලිමත්වන්න – ඩෙංගු යළි ඔලුව උස්සයි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි මාස කිහිපය තුළ දී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවතින බැවින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට

පැරදුණු ඉන්දියාවෙන් ඔස්ට්‍රෙලියා පිලට ගල් ප්‍රහාරයක්

සංචාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි 20 තරගය ජයගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම ගමන්ගත් බස් රථයට ප්‍රහාරයක් එල්ලවී තිඛෙනවා. ගුවහාති පැවැති තරගයෙන් අනතුරුවයි මෙම බස් රථයට ගල් ප්‍රහාර එල්ල කර තිබුණේ. මෙහිදී කිසිදු ක්‍රීඩකයකුට අනතුරක් සිදුව නැහැ. ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ආරොන් ෆින්ච් ගල්ප්‍රහාරය හේතුවෙන් හානි වූ බස් රියේ වීදුරුව සිය ට්විටර්

වත්කම් හෙළි නොකලොත් දඩය 1000 නොවෙයි / ලක්ෂයයි

නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය අවස්ථාවන්හිදී අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට වර්තමානයේදී නියම කෙරෙන දඬුවම රුපියල් 1,000/-කට නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීම ක්‍රියාත්මක වනවා. පසුගියදා එම චෝදනාවට වරදකරු වූ හිටපු

වැස්ස නිසා මත්තල ගුවන් තොටුපලට යානා 2ක් එයි

කටුනායකට අද දහවල් බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට  පියවර ගෙන තිඛෙනවා. ඉන්දියාවේ චෙන්නායි සිට දහවල් 11.20 ට කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 122 දරන යානය හා දහවල්

ඉදිරියේදී ලංකාවට සුලි කුණාටු අවධානමක්

ඉදිරි මාස 3ක කාලය තුල මෙරටට සුළි කුණාටු තත්ත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ පිළිබද පූර්ව අනතුරු ඇගවීම් සිදුකළ හැකි බැවින් කාලගුණ නිවේදන පිළිබද ජනතාව අවධානයෙන් පසුවීම අවධානම් අවම කර ගැනීමට හේතුවිය හැකි බවයි. මේ ඊට අදාළ නිවේදනයයි.

ඇලෝසියස්ගෙන් එජාපය ආධාර ගෙන නැහැ – මලික් / කබීර් කොමිසමට කියයි

ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද  ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් සහ සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් අද සාක්ෂි ලබා දුන්නා. 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදු වූ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර 26 වැනිදා මහ බැංකුවේ පැවති රැස්වීමක්

පිරමීඩය පත්ලෙන් හමුවුණේ දඩු මොණරයක්ද ?

පීරමීඩ සැලකෙන්නේ අතීත ලෝකයේ මහා විස්මයන් ලෙසයි. එම පිරමීඩවල නිර්මාණය මෙන්ම එතුල ඇති දෑ පවා කවර අරමුණකින් නිර්මාණය කළේද යන්න අබිරහසක් වනවා. ඒ අයරින් මහා පිරමීඩය තුල තිබී සොයාගත් යාත්‍රාවක් සූර්ය යානයක් විය හැකි බවටයි මේ වන විට පර්යේෂකයින් කරුණු දක්වන්නේ. මේ අතීත ලෝකයේ දඩුමොණර තාක්ෂණය ගැන ඉගි කරන විස්මිත

Top