You are here
Home > 2017 > October > 12

දුම්රිය වර්ජනය අවසන් කරයි / වහා සේවයට එන්න තීරණයක්

දුම්රිය රියදුරන් හා නියාමකයින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ජනාධිපති ලේකම්වරයා සමග පස්වරුවේ පැවැති සාකච්ජාවෙන් අනතුරුව අවසන් කර තිඛෙනවා. ඊයේ පස්වරුවේ සිට දුම්රිය නියාමකයින් හා දුම්රිය රියදුරන් මෙම වර්ජනය ක්‍රියාත්මක කළා. වර්ජනය අද දිනයේදී නතර නොකරන්නේ නම් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය වර්ජකයින් වෙත දැනුම්දී තිබුණේ. ඊට අදාළ

විරෝධතාවයේදී තරුණයකුට පහරදුන් පොලිස් ලොක්කාට මාරුවක්

ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප‍්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාතර කොට්ඨාසයට මාරුකර යවා තිඛෙනවා. පොලිස් කොමිසම ප්‍රකාශ කළේ ඒ සම්බන්ධ පරීක්ෂණ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි. සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ අධීක්ෂණය

තායිවාන බැංකුවෙන් ලංකාවට පැන්නූ කෝටි 20 සොයාගනී

සයිබර් ප්‍රහාරයක් එල්ල කර තායිවාන බැංකුවකින් සොරාගෙන මෙරටට ගෙන එන ලද ඩොලර් මිලියන 1.3ක මුදල යළි සොයාගෙන තිඛෙනවා. සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම මුදල සොයාගෙන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළේ. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා ජාත්‍යන්තර විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මකයි. තායිවානයේ ෆා

බැදුම්කර වංචාවට තොරතුරු දුන් ඔත්තුකරුවන් හෙලිවෙයි

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ස්‌ථානවල සිටින නිලධාරීන් භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු සිදුකිරීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ලබාදුන් අභ්‍යන්තර රහස්‌ තොරතුරු වෙනුවෙන් වරින් වර විශාල මුදල් ගෙවීම් සිදු කළ බව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනදෙනුකරු නුවන් තිළිණ සල්ගාදු මහතා බැදුම්කර කොමිසම හමුවේ අනාවරණ කර තිඛෙනවා. තම අභ්‍යන්තර තොරතුරු සැපයූ

නිව් යෝර්ක් නුවරට පහර දෙන බව කියූ සැකකරුවකු අත්අඩංගුවට

ලාස් වේගාස් හී දී වෙඩි තබා පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සමාන ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජන සිදුකළ පුද්ගලයකු නිව් යෝර්ක් හීදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ කොලරාඩෝ හී මෘදුකාංග සමාගමක සේවකයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු 34 වන වියේ පසුවනවා. ඔහු යම් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධදැයි සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.

පස්වරුවේ විශේෂ දුම්රිය ගමන්වාර 10ක්

දුම්රිය වැඩවර්ජනය අද පස්වරුවේ අවසන් නොවුණොත් කොලඹ නගරයේ රාජකාරි කටයුතුවලට පැමිණි පිරිස් වෙනුවෙන් පස්වරුවේ දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා. මේ අනුව පුත්තලම/ ගාල්ල/ අවිස්සාවේල්ල/ මහනුවර බලා මෙම දුම්රියන් ධාවනය කරවීමට නියමිතයි. මේ අතර දුම්රිය වාර ප්‍රේවේශපත් සහිත මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල

දුම්රිය සෙල්ලම් හමාරයි / අත්‍යවශ්‍ය සේවාවක් කරන ගැසට් නිවේදනය ජනපතිට

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා වෙත යොමුකර තිඛෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබූ පසු දුම්රිය සේවකයින් අනිවාර්යයෙන්ම සේවයට වාර්තා කළ යුතු බවයි. මේ වන විට දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක නිරත වන බැවින් දුම්රිය සේවාව අඩාල වී තිඛෙනවා. වර්ජනයේ නියුතු දුම්රිය රියැදුරන්ට හා නියාමකයින්ට

ආහාර විෂවීමකින් මහනුවර 200ක් රෝහලේ

මහනුවර හාරගම ප්‍රදේශයේ පුද්ගලික ඇගලුම් කම්හලක් තුලදි හදිසියේ රෝගී වූ 200කට ආසන්න පිරිසක් මහනුවර මහරෝහලට ඇතුලත් කර තිඛෙනවා. රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ආහාර විෂවීමක් මීට හේතුවී ඇති බවයි. උදාසන ආහාර ලබා ගැනීමෙන් පසු ඔවුන් රෝගී වී තිබුණා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි රන්ජන්ට නියෝගයක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වනදාට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධීකරණය අද නියෝග කළා. ඒ අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානය ඉදිරිපත් කළ පෙත්සමට අදාළවයි. මෙම චෝදනාවට අදාළව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින්ද අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලුම ලංගම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිඛෙනවා. ඒ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මතුව ඇති මගී ජනතාවගේ ප්‍රවාහන අපහසුතා අවම කිරීම සදහායි. ඒ අනුව ලංගම සේවකයින් නියමිත පරිදි සේවයට වාර්තා කිරීම අනිවාර්යය බවයි ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

තීරණාත්මක පනත් 3කට කථානායකගෙන් අත්සන්

පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් 3 ට කථානායක කරු ජයසූරිය මහතා අත්සන් තබා තිඛෙනවා. එම අවස්ථාවට පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද එක්වූ බවයි කතානායක මාධ්‍ය

දුම්රිය වර්ජනයෙන් කොටුව උණුසුම් / වර්ජනය අඛණ්ඩව

පෙර නොදන්වා හදිසි දුම්රිය වර්ජනයක් ඇරඹීම හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් විරෝධය පෑම හේතුවෙන් ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. රාජකාරී නිමවී නිවෙස් බලා යෑමට පැමිණි බොහෝ පිරිසක් පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයට අතර මේ හේතුවෙන් දැඩි කෝපයට පත්

ගුරුවරු 3000 කට අද ස්ථාන මාරු

එක ම ජාතික පාසලක වසර 10කට අධික කාලයක් සේවය කළ ගුරුවරුන් 12000ක පිරිසක් අතරින් 3000කට ආසන්න පිරිසක් අද සිට වෙනත් ජාතික පාසල් වෙත මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිඛෙනවා. වසර ගණනාවක් මුළුල්ලේ ඇණහිට තිබූ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා දුන් උපදෙස්

වසර 7කට පසු කෙලෙහිගුණ පෙන්වූ සිංහයෝ දෙන්නා

සිංහයා බොහෝ විට සලකනු ලබන්නේ බිහිසුණු සත්ත්වයකු ලෙසයි. එහෙත් එය සැබැවින්ම නිවැරදිදැයි යළි සිතා බලන්නට සිදුවන ආකාරයේ සිද්ධියක් පසුගියදා ස්විස්ටර්ලන්තයෙන් වාර්තා වුණා. ඒ වසර 7කට තමන් ආදරයෙන් රැකගත් සිංහ පැටවුන් දෙදනකු සිංහ රැකවරණ මධ්‍යස්ථානයකට භාරදුන් කාන්තාවක් වසර 7කට පසු එම සිංහයන් දැකීමට පැමිණි අවස්ථාවේදීයි.  

Top