චන්ද්‍රිකා අත්තනගල්ලට / වෙල්ගම හා මහින්දානන්ද පන්නයි

ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිඛෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම කර ඇත්තේ අද කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදීයි.
නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කිරීමටද මෙහිදී පියවර ගෙන තිඛෙනවා.
ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිංහ මහතායි පත්කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *