2018 ලෝකයට අන්තිම නරකයි / වාර්තාවක් කියයි


2018 වසර ලෝකයේ ආපදා බහුලම වසරක් බව ජාත්‍යන්තර වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. ස්විස්ටර්ලන්තයේ ස්විස් රේ ආයතනය නිවේදනය කළේ වසර තුල සිදුවූ ආපදා මගින් ලෝකයට සිදුව ඇති මූල්‍ය අලාභය ඩොලර් බිලියන 158ක් ඉක්මවන බවයි.
ඒ අතරට ප්‍රධානතම ආපදා 07 ක් නම් කර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් බලපා ඇත්තේ අමෙරිකාවටයි.

කැලිෆෝනියාවේ හටගත් ලැව් ගින්න / මිචෙල් චණ්ඩ මාරුතය / ෆ්ලෝරන්ස් චණ්ඩ මාරුතය හා මැන්ග්කුට් සුළි සුළගද මෙම බිහිසුණු විපත් අතරට ඇතුලත්.
යුරෝපයට බලපෑ නියගය හා ලැව් ගින්න / ජපානයේ ගංවතුර හා ඉන්දුනීසියාවට බලපෑ භූමිකම්පා සුනාමි තත්ත්වයන් හා ගිනි කදු පිපිරීම්ද මෙම අවධානම් ලෙස නම් කර තිබෙනවා.
දැනට පවතින වාර්තා අනුව 2019 ලෝකයට වඩාත් අවදානම්කාරී වනු ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.