2019 අය වැය යෝජනා මෙන්න – Live


2019 වසරට අදාළ අය වැය යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනුයි. මේ එම සම්පූර්ණ අය වැය යෝජනා ලයිස්තුවයි.

සුඛෝපභෝගී වාහන ආනයන බදු / මෝටර් වාහන නිෂ්පාදන බදු ඉහළට. කුඩා මෝටර් රථ සදහා අවම බලපෑමක්.

වාහන ආනයනයට පනවා ඇති ආන්තින තැන්පතුව, සියයට 200 ඉවතට

කැසිනෝ ශාලා ප්‍රවේශ ගාස්තුව රු මිලි 400දක්වා ඉහළට..

කැසිනෝ ශාලා ප්‍රවේශ ගාස්තුව ඇ.ඩො 50ක් දක්වා ඉහළට..

දුමිවැටි සඳහා (මිලි මී 60ට වැඩි) ජාතික ගොඩනැගීමේ බද්ද පැනවේ.. 12%කින්

යුධ සමයේ විනාශ වූ ප්‍රෙදේශ සංවර්ධනයට පැල්මයිරා අරමුදල යටතේ රුපියල් බිලියන 5ක්.

සමෘද්ධි වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 10 000ක්.. ලක්ෂ 6ක නව ප්‍රතිපාදන

ගම්පෙරලිය යටතේ ආගමික ස්ථාන සංවර්ධනයට මිලියනය බැගින්

කලාකරුවන්ගේ නිර්මාණ ආරක්ෂණය සඳහා වැඩපිළිවෙලක්.. අඛණ්ඩ ආදායමක් ලැබෙන ක්‍රියාපටිපාටියක්

අල්ලස් කොමිසම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්..වෙන් කෙරේ

හමුදා සාමාජිකයන්ගේ ගෙවල් කුලී දීමනාව 100%කින් වැඩි කෙරේ.

ජුනි සිට රජයේ සේවක වැටුපට රුපියල් 2500ක්..

රු බිලියන 40ක් රජයේ සේවක වැටුප් වැඩි කිරීම වෙනුවෙන්..

රථවාහන තදබදය අඩු කිරීම – මගියාට හිතකර බස් රථ වෙනුවෙන් සිටි රයිඩ් නමින් ණය ක්‍රමයක්.. බස් හිමියාගේ ණය පොලී සඳහා 75% ක සහනයක්

රථවාහන තදබදය අඩු කිරීම – ඒකාබද්ධ බස් රථ නවීකරණය කිරීමේ වැඩපිළිවෙලක්..

2023 වන රජයේ සියලු ගොඩනැගිලි හා පුද්ගලික විශේෂිත මධ්‍යස්ථාන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සුදුසු ස්ථාන බවට පත් කෙරේ

බේරේ වැව පවිත්‍ර කිරීමට ව්‍යාපෘතියක්

රු මිලි 600ක් සුවසැරියට…. නව නැවතුම් ස්ථාන 300ක්

ප්‍රාථමික සුව සත්කාරක වැඩපිළිවෙල සඳහා රු මිලි 1625ක්..

විවිධ කර්මාන්තවල ආධුනිකයන් පුහුණුව සඳහා යුධ හමුදාවෙන් වැඩපිළිවෙලක්.. යුධ හමුදා කඳවුරු තුළදී

දෙමළ භාෂා ගුරුවරු පුහුණුවට මිලි 400ක්..

උසස් පෙල සමත්ව සරසවි අහිමිවන සිසුන්ට ලක්ෂ 11ක පොලී රහිත ණයක්. සහන කාලය වසර 2යි. මුළු ණය ගෙවීමට වසර 12ක්.

සරසවිවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 25000ක්.

පෙරපාසල් නියාමනයට නෛතික රාමුවක්..

උසස් පෙළ විභාගයෙන් දිවයිනේ වැඩිම ලකුණු ලබාගන්නා සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා රජයෙන් නව අරමුදලක් පිහිටුවයි.
හාවර්ඩ් /ඔක්ස්ෆර්ඩ්/ එම් අයි ටී සරසවි වලට මේ වසරේදී එවන් සිසුන් 14ක් යොමුකිරීමට නියමිතයි.
ලබන වසරේදී එය 28ක් දක්වා වැඩි කෙරේ.
අනතුරුව සෑම දිස්ත්‍රික්කයකම පළමුවැන්නටද එම අවස්ථාව හිමිවේ.
එම සිසුන් යළි මෙරටට පැමිණ වසර 10ක් රට වෙනුවෙන් සේවය කිරීම අනිවාර්යය වේ.

විදෙස් ශිෂ්‍ය සංචාරකයන්ට ප්‍රවේශපත් ගාස්තුව 50%කින් අඩු කෙරේ

වරාය හා ගුවන් තොට සංවර්ධනයට 2.5%කින් බදු අඩු කෙරේ..

මුදල් අමාත්යාංශය සඳහා ආදායම් පරිපාලක ඒකකයක් පිහිටුවීමට පියවර

විදේශ ශ්‍රමිකයන්ට…සිහින මාලිගා නිවාස ණය ක්‍රමය – මිලියන 10ක් දක්වා ණය . ගෙවීමේ කාලය වසර 15 යි

වසර 15කින් ගෙවීමට හැකිවන පරිදි..  මිලියන 10ක්..ගෙවීමේ කාලය වසර 25 යි

අලුතින් විවාහ වන යුවලවලට හෝම් ස්වීට් හෝම් නිවාස ණය වැඩපිළිවෙලක් 6%ක පොලිය

හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වීරවිල හා අඹේපුස්සේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන

වකුගඩු රෝගීන් සිටින පවුල් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක්.. රුපියල් මිලියන 1840ක් වෙන් කෙරේ..

ආබාධිත පුද්ගල දීමනාව රුපියල් 3000 සිට 5000 තෙක් වැඩි කෙරේ

පුද්ගලික අංශයේ සේවය කරන ගැබිණි මව්වරුන්ගේ දරු ප්‍රසූතිය සදහා තුන්මසක නිවාඩු ලබාදීමට ඉදිරිපත් වන පුද්ගලික ව්‍යවසායන් සදහා රජයෙන් මූල්‍ය සහනයක්

පුද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන්ට සේවා කාලය නම්‍යශීලී ලෙස වෙනස් කිරීමට තීරණයක්

වැසිකිලි කැසිකිලි සංවර්ධනය සඳහා මිලියන 4000ක් විශේෂයෙන් වෙන් කිරීමට පියවර..පුද්ගලික අංශයේ දායකත්වය ඒ වෙනුවෙන් යොදා ගැනේ.

නව ධීවර තොටුපල දෙකක් වෙනුවෙන් රු බිලියන 1.3ක්..

වතු කම්කරු ගැටලුවට ඉක්මනින් විසඳුමක්

කුරුඳු කර්මාන්තය ආශ්‍රිත පුහුණු කිරීම්වලට රු මිලියන 75ක්..

පොල් හා මැටි කර්මාන්තවලට ඇති නීතිමය බාධා ලිහිල් කෙරේ..

රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා රු මිලියන 800ක්..

කුඩා ට්‍රක් රථ මත පනවා ඇති බදු අඩු කිරීමට යෝජනා..

සියලු අමාත්‍යාංශ වල ප්‍රතිපාදන සඳහා වන ප්‍රසම්පාදන වලින් 10%ක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් .

ජාතික තරුණ සේවා සභාවේ සහතික පත් ලාභීන්ට එන්ටප්‍රයිස් ණය යෝජනා ලබාදීමේදී ප්‍රමුඛතාව.

ගම්පෙරලිය සංවර්ධවන වැඩසටහනට රුපියල් මිලියන 48,000ක්..

ආනයන සඳහා අදාළ තීරු බදු හා සමාගම් බදු ක්‍රමානුකූලව ඉවත් කරනවා. සමාජ ආරක්ෂණ ජාලය හා සමාජ යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරනවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි වශයෙන් මුදල් යොදවනවා.

1950 පසුව ප්‍රාථමික ගිණුවේ අතිරික්තයක් .ලෝක වෙළඳපොළ පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ ගියත් අපිට 4%ක මට්ටමක තබා ගැනීමට හැකිවුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.