2500 කා නොමැරී ඉන්න පුළුවන් කිව්වේ නෑ /බන්දුල

පවුලකට රුපියල් 2500කින් මාසයක් ජීවත් වියහැකි යැයි තමා කිසිම අවස්ථාවකදී කියා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මහපොළ දීමනාවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට මාසයක් ජීවත්විය හැකි යැයි තමන් සිදුකළ ප්‍රකාශයක් උපුටා ගෙන මඩ ගැසීමේ අදහසින් පවුලකට රුපියල් 2500කින් ජීවත් විය හැකි යැයි ප්‍රචාරය කර තිබෙන බවයි ගුණවර්ධන මහතා සදහන් කළේ.කෙසේ වෙතත් 2012 වසරේදී මන්ත්‍රීවරයා එම ප්‍රකාශය සිදුකර තිබුණේ මේ ආකාරයටයි.

2500කින් කාල බීල නොමැරී ජීවත්විය හැකියි

(ආර්ථික විද්‍යාව දන්න ඕනෑම කෙනෙක් මගේ කීම පිළිගන්නවා)

බන්දුල ගුණවර්ධන – 2012 අපේ‍්‍රල් මස 01

අරපිරිමැස්ම පවුලකට ඉතාම වැදගත් දෙයක්. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට පාසල් දරුවන් ප‍්‍රතිඥා දෙනවා. ප.ව. 6.30 සිට 9.30 දක්වා වොට් 60ක බල්බයක් නිවා දැමීම, එම කාලය තුළ ඇඳුම් නොමැදීම, ශීතකරණය ක‍්‍රියා විරහිත කිරීම වැනි දේ මගින් වසරකට බිලියන 20ක ඉතිරියක් ලබාගත හැකි බව විදුලිබල අමාත්‍යාංශය ප‍්‍රකාශ කර තිබෙනවා. ජීවන වියදම මනිනු ලබන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුවයි. සැබෑ වියදම එහි සඳහන් වෙනවා. පොදුවේ වියදම ඒකක 100ක් වශයෙන් ගණන් ගන්නේ නම්, ආහාර සඳහා වැයවන්නේ සියයට 41.03ක ප‍්‍රමාණයක්. විදුලිය, ගෑස්, ජලය යනාදියට වැය වන්නේ සියයට 24.3ක ප‍්‍රමාණයක්. සියයට 12.27ක් වැය වන්නේ ප‍්‍රවාහනයට. ඇඳුම් හා පාවහන් සඳහා වැයවන්නේ සියයට 3.13ක ප‍්‍රමාණයක්. ආහාරxපාන සඳහා වැයවන්නේ සියයට 41.03ක ප‍්‍රමාණයක්. ඒ අනුව රුපියල් 2500කින් කාල-බීල නොමැරී ජීවත්විය හැකියි. සිරස හා ටී.එන්.එල්. රූපවාහිනී හැර වෙනත්  ඕනෑම මාධ්‍ය ආයතනයක මේ විවාදය කිරීමට මා සූදානම්. ආර්ථික විද්‍යාව දන්න,  ඕනෑම කෙනෙක් මගේ කීම පිළිගනීවි. නොමැරී කාල-බීල ජීවත් වෙන්න රුපියල් 7500 මුදලක් හොඳටම ප‍්‍රමාණවත්.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *