හොංකොං රාජ්‍යයේ ධනවත්ම ව්‍යාපාරිකයා වන ලී කා ෂින් විශ්‍රාම යාමට තීරණය කර තිඛෙනවා.
හොංකොංහීදි පැවැති මාධ්‍ය හමුවක් අමතමින් 89 වියැති ව්‍යාපාරිකයා සදහන් කළේ තමන් බොහෝ කල් වෙහෙසවී කටයුතු කළ බවයි.
මේ වන විට විදුලි සංදේශ සේවා ඇතුලු අංශ ගණණාවක් යටතේ රටවල් 50 ක ව්‍යාපාර හිමි ලී කා ෂින් යටතේ සේවකයින් 323,000 ක් සේවය කරනවා.
ඔහු නම් වන්නේ ආසියාවේ මූල්‍ය අධිරාජ්‍යයකු ලෙසයි.
වයස අවුරුදු 13දී ආයතනයක පුහුණුවන සේවකයකු ලෙස සේවයට බැදුණු ඔහු එහිදී හදුන්වා දි තිබුණේ සුපර් මෑන් ලෙසයි.
ඒ එම තරුණයා දැඩි කාර්යක්ෂම උනන්දු තැනැත්තකුවීම හේතුවෙන්.
එය තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුව බවයි ලී කා ෂින් අවධාරණය කරන්නේ.
323,000 කට රස්සා දුන් සුපර්මෑන් ධනවතා විශ්‍රාම යයි
