5 ද 6 ද තීරණය ගැන ජනපති හමුවෙන්න රජයේ පක්ෂ සූදානමින්

ජනාධිපති ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට අගමැති ප්‍රමුඛ යහපාලන ජාතික රජයේ හවුල්කාර පක්ෂ තීරණය කර තිඛෙනවා.
යහපාලන ජාතික රජය මේ තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ධුර කාලය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන උග්‍ර අර්බුදය හේතුවෙනි.
‍පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන රජය පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ මෙලෙස ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් ජනාධිපතිවරයා ගත යුතු පියවර කුමක්ද යන්න සෘජුව දැනුම් දීමට හවුල්කාර පක්ෂ නායකයෝ තීරණය කර ඛෙනවා.ඔවුන්ගේ අදහස දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස වන ඉල්ලීමක් මේ සතියේදී ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත යැවීමට ද පක්ෂ නායකයෝ තීරණය කර ඇති බවයි එම වාර්තා හෙළිකරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *