A/L ප්‍රායෝගික පරීක්ෂණ 08 වනදා සිට

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයයන් 11 ට අදාළ ප්‍රාඅයෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 398කදී අපේක්ෂකයින් 56,439 දෙනෙකු මෙවර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිත බවයි.

ඒ අනුව ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා වූ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 22 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සෞන්දර්යය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා සිට 31 දක්වා පැවැත්වීමට නියමිතයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *