ලංකාවේ 1000කින් දෙදෙනෙක් වහල් සේවයේ / මැද පෙරදිග නරක අඩියක

නූතන වහල්භාවය පිළිබද එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දර්ශකය අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ 130 වන ස්ථානය හිමිව තිඛෙනවා.
ඒ ලෝකයේ රටවල් 167 ක් අතරිනුයි.

ඒ අනුව ලෝකයේ නූතන වහල් වෙළදාම අවම රටවල් අතරට ශ්‍රී ලංකාව නම් වී තිඛෙනවා.
මෙම වාර්තාවෙන් ලෝකයේ තවදුරටත් වහලුන් ලෙස නිසි ගෙවීම් හා පහසුකම්වලින් තොරව රැකියාවල යෙදෙන පුද්ගලයින් පිළිබද සිදුකළ පරීක්ෂණයේ වාර්තාවයි එළිදක්වා ඇත්තේ.
අද වන විට ලෝකයේ මිලියන 40.3 ක පුද්ගලයින් මෙසේ වහල් ශ්‍රමිකයින් ලෙස සේවයේ යෙදී සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ඒ අතරින් සියයට 71 ක් කාන්තාවන් හා දැරියන් බවද වාර්තාවේ දැක්වෙනවා.
ඒ අනුව ලංකාව තුල 44,000 කට ආසන්න පිරිසක් නූතන වහල් සේවයේ යෙදී සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ.
එහිදී සංක්‍රමණික ජාවාරම / අවම පහසුකම් / අවධානම ආදී කරුණු සැලකිල්ලට ලක් කර තිඛෙනවා.

කෙසේ වෙතත් ලංකාවේ ජනගහනයෙන් පුද්ගලයින් 100කට පුද්ගලයින් 2.1 පිරිසක් මෙසේ නූතන වහල් සේවයේ යෙදී සිටින බව සදහන්.
කෙසේ වෙතත් අසල්වැසි ඉන්දියාව දර්ශකයේ 53 වන තැන පසුවන්නේ පුද්ගලයින් 1000 කින් 6.1 දෙනකු වහල් සේවයේ යොදවමිනුයි.
මේ අතර ලොව වහල් සේවය වැඩිම රට ලෙස උතුරු කොරියාව නම් කර ඇති අතර එරට සමස්ථ ජනතාවට ඊට ඇතුලත් කර තිඛෙනවා.
එරිත්‍රියාව / බුරුන්ඩි / මධ්‍යම අප්‍රිකාව / ඇෆ්ගනිස්ථානය වැනි රටවල් හා මැද පෙරදිග රාජ්‍යයන් නම් කර ඇත්තේ නූතන වහල් සේවය උග්‍ර රටවල් ලෙසයි.
ජපානය / කැනඩාව / තායිවානය / ඔස්ටේ්‍රලියාව හා නවසීලන්තය දර්ශකයේ හොදම රාජ්‍යයන් අතරට එක්ව සිටිනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න