2ට 0ක් ලෙස ලංකාවට විශිෂ්ට තරගාවලි ජයක්

සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ඒ රංගන හේරත් දෙවන ඉනිමේදී පන්දුවෙන් සුවිශේෂ දස්කම් දැක්වීම හේතුවෙන්.
මෙම තරගයේ ශ්‍රී ලංකා පලමු ඉනිම ලකුණු 338 යි.
ධනංජය සිල්වා ලකුණු 60, දිමුත් කරුණාරත් ලකුණු 57 ක් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 53ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී සුපිරි දස්කම් දැක්වූ කේශව් මහාරාජ් ලකුණු 129 කට කඩුලු 9ක් දවාගත්තා.
දකුණු අප්‍රිකාව පලමු ඉනිමට ලකුණු 124 යි.
ෆ්ලැප් ඩු ප්ලෙසිස් ලකුණු 48 යි.
එහිදී අකිල ධනංජය කඩුලු 5ක් හා දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් දවාගත්තා.
රංගන හේරත් එක් කඩුල්ලයි.
ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 275 කට කඩුලු 5ක් ව තිබියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.
එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 85 ක් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 67 ක් රැස් කළා.
කේශව් මහාරාජ් කඩුලු 3යි.
තරගය ජය ගැනීමට ලකුණු 490 ක ඉලක්කයක් හිමිවූ දකුණු අප්‍රිකාව දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 290ක් පමණයි.
ඩී බ්‍රයන් ලකුණු 101 යි.
පන්දු යැවීමේදී රංගන හේරත් කඩුලු 6ක් දවාගත් අතර අකිල ධනංජය හා දිල්රුවන් පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 199කින්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න