වසරකට ලක් ශ්‍රමිකයින්ගේ වැඩිම මරණ සවුදි අරාබියෙන්

වාර්ෂිකව මෙරටටින් විදෙස්ගත වන ශ්‍රමිකයින් පිරිසෙන් 600 ක් පමණ මැද පෙරදිගදී මරණයට පත්වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා සදහන් කළේ ඒ අතරින් වැඩිම මරණ සිදුවන්නේ සවුදි අරාබිය තුලදී බවයි.
හදිසි අනතුරු ඇතුලු විවිධ හේතූන් මත මෙම මරණ සිදුවන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් මරණ හා හදිසි අනතුරු සිදුවූ අවස්ථාවක ඒ පිළිබද ගත යුතු කඩිනම් පියවර පිළිබද විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන්ට නිසි අවබෝධයක් නොමැති බවද වසන්ත සේනානායක මහතා සදහන් කළා.
එබැවින් සියලු තත්ත්වයන් පිළිබද විදෙස් ශ්‍රමිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න