ඥානසාර හිමියන්ට තවත් වසර 6ක බරපතල සිර දඩුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව අභියාචනාධිකරණය අද තීරණය කළා.
ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඥානසාර හිමියන්ට වසර 6 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.
ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඥානසාර හිමියන් වහාම බන්ධනාගාර නිලධාරීන්ගේ පාලනයට ගන්නා ලෙසද මෙහිදී නියෝග කර තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න