කුවේට් කෝටි 13 ක කොල්ලයේ චෝදනා ලැබූ ලාංකිකයා නිදහස්

කුවේට් දේශයේ නිවසක සේවය සදහා ගොස් සිටියදී රුපියල් කෝටි 13කට ආසන්න මුදලක් සොරකම් කළ බවට වන චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි ලාංකීය ශ්‍රමිකයකු නිදොස් කොට නිදහස් කර ගැනීමට කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරිහු සමත්ව තිබෙනවා.
සාධාරණ සාක්ෂිවලින් තොරව අත්අඩංගුවට ගෙන රදවා ගනිමින් වධහිංසාවලට ලක් කර සිටි මෙම ලාංකිකයා මේ වන විට මෙරටට ගෙන්වා ගෙන ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ.
ඔහු පසුගියදා තමන් බේරා ගැනීමට මැදිහත්වූ හිටපු විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය මුණ ගැසීමට පැමිණ සිය ස්තූතිය පල කළ කර තිබෙනවා.
අමාත්‍යවරියගේ මැදිහත්වීම නොවන්නට තමන්ගේ ඉරණම වෙනස්විය හැකිව තිබූ බවයි මෙම ලාංකිකයා පවසන්නේ.