අතුරුදන්වූ ස්නයිෆර් අවිය ගැන CID පරීක්ෂණ

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදන් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මීට මාස කිහිපයකට ඉහතදී ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බ සමග අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගෙන් හෙළි වූ තොරතුරු අනුව මෙම ස්නයිපර් ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබුණා.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් ගිනිඅවියක් අතුරුදන් වී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මීට පෙර පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළා.

මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ස්නයිපර් ගිනිඅවිය අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන් බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.