ට්‍රම්ප්ට ලෝකයම හිනාවෙයි – ප්‍රතිචාරය මෙන්න – Video

ඉරානය න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් අත්හිටුවන තෙක් එරට හුදෙකලා කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ 73 වන රාජ්‍ය නායක සමුළුව අමතමින්.
මේ වන විට ඉරානය අසල්වැසි රාජ්‍ය්‍යන්ට දේශසීමාවන්ට හා ස්වෛරීත්වයන්ට හානි කරමින් කටයුතු කරන බවටද ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී චෝදනා එල්ල කළා.
කෙසේ වෙතත් තම දෙවසරක පාලන කාලය අමෙරිකාවේ වෙනත් සියලුම පාලනයන්ට වඩා ප්‍රශස්ත එකක් බව ඔහු ප්‍රකාශ කිරීමත් සමග සමුලුවට එක්වූ රාජ්‍ය නායකයින් හඩ නගා සිනාසීමද විශේෂත්වයක් වුණා.
ඊට ට්‍රම්ප් ජනාධිපතිවරයා පල කළේ මෙවන් ප්‍රතිචාරයක්.

https://twitter.com/twitter/statuses/1044608083299729409

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.