ඉන්දුනීසියානු සුනාමියෙන් 48 ක් මරුට / සිය ගණනකට තුවාල-Video

ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් පසු හටගත් සුනාමි තත්ත්වයෙන් පුද්ගල මරණ 48ක් වාර්තාවී ඇති බව එරට රජය පවසනවා.
ඉන්දුනීසියාවේ මධ්‍යම සුලවිසි කලාපයට මෙයින් දැඩි බලපෑම් එල්ලවී තිබුණා.
එහිදී සිය ගණනක පිරිසක් තුවාල ලබා ඇති අතර එම ප්‍රමාණය මෙතෙක් නිවේදනය කර නැහැ.
මේ සමග නිවාස හා ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් මෙන්ම දැවැන්ත පාලමක්ද සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අතර මේ හේතුවෙන් 380,000 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ඉන්දුනීසියානු රජය කැදවූ මාධ්‍ය හමුවකදී අනාවරණ කෙරුණේ.
ඒ අනුව හදිසි මෙහෙයුම් කටයුතු සදහා එරට හමුදාව යොදවා ඇතැයි ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩාඩෝ මහතා සදහන් කරනවා.
මෙම සුනාමි තත්ත්වයේදී අඩි 10ක උස රළ පහරක් “පාලු” දිවයිනට එල්ලවූ බවයි වාර්තාවන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.