රොනාල්ඩෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක්

තමන්ට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අමෙරිකානු කාන්තාවක විසින් මීට අදාළව එල්ල කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්.
ගාස් වේගාස් හී පදිංචි කැත්රින් මයෝගා පවසන්නේ 2009 වසරේදී ලාස් වේගාස්හී සුපිරි හෝටලයක් තුලදී සුපිරි පාපන්දු ක්‍රීඩකයා විසින් තමන් දූෂණය කළ බවයි.
එය වසන් කිරීම සදහා ඔහු තමන් සමග වන්දි ගිවිසුමක් අත්සන් කළ බවත් ඇයගේ ප්‍රකාශයේ සදහන්.
කෙසේ වෙතත් එම ගිවිසුම නීත්‍යානුකූල නොවන බැවින් යළි මේ පිළිබද අනාවරණ කළ බවයි එම කාන්තාව සදහන් කරන්නේ.
කෙසේ වෙතත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසන්නේ ඇය එල්ල කරන චෝදනා හුදු ජනප්‍රියත්වයක් අපේක්ෂාවෙන් සිදුකරන බවයි.
ඊට අදාළව සිය නීතීඥවරුන් මගින් නඩු පවරනු බවද ඔහු දන්වා තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.