විදෙස්ගතවීමට ප්‍රසන්නට අධිකරණයෙන් අවසර

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක් බලෙන් ලබාගැනීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිදට විදෙස්ගතවීම සදහා අද අධිකරණය විසින් අවසර ලබාදුන්නා.
ඒ විත්තිකරුවන් අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුවයි.
කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ලබා දීම සදහා මෙම මුදල ඉල්ලා ඇති බවටයි අදාළ නඩුව පවරා ඇත්තේ.
විත්තිකරුවන් 2015 වසරේදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
නඩුව ලබන 04 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.