අම්බලන්තොට තරුණිය පැහැර ගැනීම පෙම්වතාගේ වැඩක්

අම්බලන්තොට වලේවත්ත මාමඩල ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියක පැහැර ගෙන යාමේ සිද්ධියට ඇයගේ පෙම්වතා සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණවී තිබෙනවා.
අද අලුයම එම තරුණියගේ නිවසට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනිඅවි පෙන්වා තරුණිය පැහැරගෙන ගිය බවටයි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ද මේ වන විට හදුනාගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.