ක්‍රිකට් අක්‍රමිකතාව ගැන පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව පිළිබඳව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ මෙම සිද්ධියේ විමර්ෂණ කඩිනම් කර වගකිවයුත්තන්ට නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමින්.

ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් 10 වනදා පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා.
ඒ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසිනුයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රීකට් තරගවල විකාශන අයිතිය සම්බන්ධයෙන් ‘‘ඉන්දියා සෝනි පික්චර් නෙට්වර්ක්‘‘ ඉන්දියා පුද්ගලික සමාගම සමඟ ඉකුත් 2013 වසරේ අයිතීන් ගත් ගිවිසුම්ගත මුදලින්  ඇමෙරිකා ඩොලර් 5564404  ක මුදලක් ක්‍රීකට් ආයතනයේ ගිණුමට බැර නොකර මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න