කළහකාරීව හැසිරුණු තෙඹුවන සැරයන්ට ඇප

ගිනිඅවියක් අතැතිව කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තෙඹුවන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා ශරිර ඇප මත මුදා හැර තිබෙනවා
මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් බී. සේනාධීර මහතායි නියෝගය නිකුත් කළේ.

අදාළ පොලිස් සැරයන්වරයා විසින් නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ බව කියන ලොරියක් අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් ස්ථානාධිපතිවරයා ඊට පසුදින එම ලොරිය මුදා හැරි බව පවසමින් ඔහු සිය ගිනිඅවිය ද රැගෙන මාර්ගයට පැමිණ කළහකාරී ලෙස හැසිරීම හේතුවෙනුයි අත්අඩංගුවට ගැණුනේ.

දෙසැම්බර් 11 වන දා යළි නඩුව යළි කැදවීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.