නව ආණ්ඩුවට එරෙහිව නව පෙරමුණක් / නව ලාංජනයක්

එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ වලට ඒකාබද්ධ විය පරිදි නව පුළුල් පෙරමුණක් මේ වන විට සකස් කරමින් පවතින අතර ඊට නව නාමයක් හා ලාංජනයක්ද නිර්මාණය කෙරෙමින් පවතින බව වාර්තාවනවා.
ඉදිරි ජනාධිපතිවරණය / මහ මැතිවරණය හා පළාත් සභා මැතිවරණය මෙන්ම මතුව ඇති තත්ත්වය තුල ඉදිරි පියවර ගැනීම සදහායි මෙම පෙරමුණ සකස් කෙරෙමින් පවතින්නේ.
මේ සදහා එක්සත් ජාතික පෙරමුණ හා නිදහස් පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක්ද එක්වන බවයි අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පසුගියදා අනාවරණ කෙරුණේ.
බොහෝ විට අද දිනය තුල ඒ පිළිබද අනාවරණ කෙරෙනු ඇති බවද පාඨලී චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය හමුවේ අනාවරණ කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.