අකිලට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමේ තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.
ඒ අනුව ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම අත්හිටුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය ප්‍රකාශ කළේ.

එංගලන්තය සමග පසුගියදා ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව තරග තීරකවරුන් විසින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව සිදුකළ ස්වාධීන විමර්ෂණයේදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහවුරු වූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න