ඉන්දුනීසියාවට සුනාමියක් / 168 ක් මරුට

ඉන්දුනීසියාවේ ක්රකටාවු ගිනිකන්ද පුපුරායාම සමග එරටට සුනාමි තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඉන්දුනීසියානු වාර්තා සදහන් කළේ ගිනි කන්ද පුපුරා ගොස් සුලු මොහොතකින් එරට සුන්දා සමුද්‍ර සන්දිය ආසන්න කලාපයට මෙම සුනාමිය බලපෑ බවයි.
මේ වන විට ලැබී ඇති වාර්තා අනුව සුනාමි තත්ත්වය හේතුවෙන් 168 දෙනකු මියගොස් 700 දෙනකු තුවාල ලබා තිබෙනවා.
කිසිදු පූර්ව අනතුරු ඇගවීමක් නිකුත්වීමට පෙර සුනාමිය බලපෑ බැවින් මරණ ඉහළ යා හැකි බවටයි අදහස් පලවන්නේ.
මේ අතර තවත් සුනාමි තත්ත්වයන් බලපෑ හැකි බැවින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසයි ඉන්දුනීසියානු බලධාරීන් එරට ජනතාවට දැනුම්දී ඇත්තේ.
ගිනි කන්ද පිපිරීම සමග මුහුදු පත්ලේ පස් කදු නායයාමක් මෙම සුනාමි තත්ත්වයට බලපෑ බව ප්‍රකාශිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න