ඉන්දුනීසියාවට අදත් සුනාමි අවධානමක්

යළිත් සුනාමි තත්ත්වයක් හටගත හැකි බැවින් වෙරළ කලාපවලින් ඉවත්ව සිටින්නැයි ඉන්දුනීසියානු රජය එරට ජනතාවට දැනුම්දී තිබෙනවා.
ඒ ක්‍රැකටෝවා ගිනි කන්ද යළිත් දරුණු ලෙස විදාරණයවීම සමගයි.
ඒ අනුව පෙරට වඩා ප්‍රබල මට්ටමේ සුනාමි තත්ත්වයක් හටගත හැකි බවටයි අනතුරු ඇගවීම් නිකුත් කරනු ලැබ ඇත්තේ.
පෙරේදා එරටට බලපෑ සුනාමි තත්ත්වයෙන් පුද්ගලයින් 429 දෙනකු මිය ගිය අතර තවත් 159 දෙනකු අතුරුදන් වුණා.
තුවාල ලැබූ සංඛ්‍යාව 1400ක්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න