ක්‍රීඩා ඇමතිට අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් සේවකයා නිවාඩු යවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් ඇතුලත් කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
එම පුද්ගලයාට මීට පෙරද එවන්ම චෝදනා එල්ලවී තිබූ බව වාර්තාවන අතර ඔහු එසේ තිබියදීත් ක්‍රිකට් ආයතනයේ මෙතෙක් රදවා ගැනීමද ගැටලු සහගත බවයි විචාරකයින් සදහන් කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න