නිදහස් දිනය වෙනුවෙන් ජාතික ධජය ඔසවන්නැයි ඉල්ලීමක්

71 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් පෙබරවාරි 04 වනදා නිවෙස්වල/ වෙළඳ ස්ථානවල හා සියලුම රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන වල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මෙවර ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වනදා ගාලු මුවදොර පිටියේදි පැවැත්වීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න