ව්‍යවස්ථා යෝජනා රට විනාශ කිරීමටයි / විපක්ෂනායකගෙන් නිවේදනයක්

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනා රට විනාශ කිරීම සදහා ඉදිරිපත් කර ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා.
මේ එම සම්පූර්ණ නිවේදනයයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්ථාවක්අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථාකෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු රට වටේ යන ආකාරය අපි දුටුවෙමු. එවැන්නක් කියන අතරම අලුත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදියනොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්,  බුදු දහමට තිබුණු තැනවෙනස් නොවන බවත්, අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්‍ෂයේ වෙනත්ඇමතිවරුත් කියයි. රටේ පවතින කෘෂිකාර්මික පළිබෝධ උවදුරත්, ණයඋගුල ඇතුලු අනේකවිධ අර්බුධ මධ්‍යයේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්කෙරෙන මේ හොරගල් ඇහිලීම ගැන අපි කවුරුත් අවධානයෙන් සිටිය යුතුය.

වර්ථමාන පාලකයන් 2015 බලයට පැමිණෙන විට ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු දෙකවූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්ථාවර පාර්ලිමේන්තු ආණ්ඩු පිහිටුවීමටහැකිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් පමණි. විධායක ජනාධිපති ක්‍රමයඅහෝසි කිරීමට මේ කෙටුම්තේ විධිවිධාන තිබේ.  අපි එයට විරුද්ධ නොවෙමු. නමුත් මෙහියෝජනා කර තිබෙන නව මැතිවරණ ක්‍රමය 2017 දී පලාත් පාලන ආයතන හා පලාත්සභා වලටහඳුන්වාදුන් ආකාරයේ ‘පූර්ණ සමානුපාතික’ මැතිවරණ ක්‍රමයකි. ඒ මැතිවරණ ක්‍රමය ගෙන ඒමට2017 කටයුතු කළ අයම දැන් එය ප්‍රතික්‍ෂේප කර ඇත. ස්ථාවර ආණ්ඩු ඇතිවෙන ආකාරයටමැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට  නම් හඳුන්වා දිය යුත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේනායකත්වයෙන් පිහිටවනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කළ 70% ක්කේවල ආසන හා 30% ක් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා පත් කෙරෙන ‘දෙමුහුන්’ ඡන්ද ක්‍රමයයි. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ දෙමුහුන් මැතිවරණ ක්‍රමය යෝජනාකලේ, 2002 සිට 2007 දක්වා එජාප සහ එජනිස ආණ්ඩු දෙකක් යටතේ අවුරුදු ගණනාවක්මුලුල්ලේ කරනු ලැබූ  අධ්‍යනයකින් පසුවය.

පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පලාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමටඅලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත. පලාත් සභා වලට අයිති විශයන් ගැනපාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට  නම් හැම පලාත් සභාවක්ම එයට එකඟ විය යුතු වේ. එක පළාත්සභාවක් හෝ එම නීතියට  විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේබලය මෙන්ම ජනමතවිචාරණයක්ද අවශ්‍ය වේ. නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක්වුවද ඕනෑම පලාත් සභාවකට ඕනෑම වෙලාවක සරළ බහුතරයකින් සම්මත කරන පනතකින්අහෝසි කර දැමිය හැක (කෙටුම්පතේ 132 ඡේදය). පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයට සීමා කළවිට ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය  වේ. අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ  වෙමු.

සමගාමී ලැයිස්තුවට අයිති විෂයන් ගැන පාර්ලිමේන්තුව නීති සෑදීමට නම්  සියලුම පළාත් සභාවලඑකඟත්වය ලබාගත යුතු වේ (134 ඡන්දය). එවන් එකඟතාවයක් ලබාගන්නවාද නැද්ද යන්න ගැනතීරණය කිරීමට වත්මන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හිමි බලය එයින් අහෝසි වෙනු ඇත. පාර්ලිමේන්තුව විසින් නීතියක් සම්මත කළ පසුත් අලුත් ව්‍යවස්ථාවෙන් පිහිටු වීමට යෝජනා කරතිබෙන ව්‍යවස්ථාමය උසාවියට ඒ නීතිය අවලංගු කළ හැක. එයින් පාර්ලිමේන්තුවේ බලය තවත්හීන වේ (182-ඇ සහ 185 ඡේද). මේ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ පලාත් සභාබලතල ලැයිස්තුවක් ගැනත් සමගාමී බලතල ලැයිස්තුවක් ගැනත් මධ්‍යම ආණ්ඩුවේ බලතලලැයිතුවක් ගැනත් සඳහන් වුවද ඒ ලැයිස්තු අපේ වර්ථමාන ව්‍යවස්ථාවේ තිබෙන ලැයිස්තුදනැත්නම් වෙනස් ඒවාද යන්න සඳහන් කර නැත.

මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතත් සමඟ කිසිඳු ප්‍රයෝජනයක් නැති තොරතුරු අඩංගු ලියවිලි මිටිගණන් සභාගත කෙරුවද වැදගත්ම කාරණයක් වන මේ බලතල ලැයිස්තු ඉදිරිපත් කර නැත. අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව, මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාටපලාතේ මහ ඇමති යටතේ කටයුතු කිරීමට සිදුවේ. වත්මන් ව්‍යවස්ථාවේ විධිවිධාන වලටහාත්පසින්ම වෙනස්ව පළාතේ විධායක බලය ඇත්තේ මහ ඇමතිවරයාට මිස ආණ්ඩුකාරවරයාටනොවන බවට සඳහන්ව තිබීමෙන්ද මේ යෝජනාවල ෆෙඩරල්වාදී නැඹුරුව තවත් පැහැදිලි වේ (242 ඡේදය).

පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පලාත්බද  පොලිස් සේවාවන් 09 කට කඩා ඒ හැමඑකටම වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධි විධාන ඇත. ජාතික පොලිස්සේවයට අයිති වන්නේ රාජ්‍ය විරෝධී කටයුතු,  මැතිවරණ සම්බන්ධ වැරදි, හොර මුදල් අච්චු ගැසීමවැනි නම්කරනු ලැබු කාරණා  කිහිපයක් පමණි.  අනෙක් සියලුම එදිනෙදා පොලිස් කටයුතු, එනම්  අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථ වාහන, මහජන සාමය වැනි කරුණු අයිති වන්නේ පලාත්බද පොලීසිවලටය. (254, 259, හා 284 වෙනි ඡේද) මේ ආකාරයට පොලීසිය කොටස් කිහිපයකට  කැඩීමෙන්පමණක් මේ රට ඉවර කර දැමිය හැක. 13 වෙනි සංශෝධනයේ කුමක්  තිබුණත් අවුරුදු30ක් මුලුල්ලේ කිසිම ආණ්ඩුවක් පොලීසිය කෑලි දහයකට වෙන් නොකලේ ඒ නිසාය.

අලුත් යෝජනා යටතේ, වර්ථමානයේ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයන් සඳහා භාවිතා වෙන ඉඩම්හැරුණු විට සෙසු සියලුම රජයේ ඉඩම් අයත් වන්නේ පලාත් සභාවලටය. මධ්‍යම ආණ්ඩුවට එවන්රජයේ ඉඩමක් අවශ්‍ය වුවහොත්, එය අදාළ පළාත් සභාවෙන් ඉල්ලා සිටිය හැක. පලාත් සභාව ඒඉඩම නොදී සිටියහොත් එම දුක් ගැනවිල්ල ත්‍රිපුද්ගල බේරුම් කරන කමිටුවකට යොමු වේ. එමකමිටුවේ තීන්දුව ගැන සෑහීමකට පත්නොවන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාමය උසාවියටඒ ඉඩම ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළ හැක.  ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කාරණයකට මධ්‍යමආණ්ඩුව රජයේ ඉඩමක් පවරාගත්තත් අදාල පලාත් සභාවට ව්‍යවස්ථාමය අධිකරණය වෙත ඒපවරා ගැනීමට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කළ හැක (302, 307 සහ 308 ඡේද).

අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප්‍රකාශ කළත් එයට විරුද්ධවඅධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබාගත හැක. මාස තුනකට වැඩි කාලයකටනැත්නම් දින 180 ක කාලයක් ඇතුළත දින 90 කට වඩා හදිසි නීති තත්වයක් පවත්වාගෙන යෑමටනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වේ (290-5, 291- ඈ, 292 ඡේද). එයින්ප්‍රායෝගිකව සිද්ධවන්නේ හදිසි තත්වයකටවත් මධ්‍යම ආණ්ඩුවට සුදුසු ආකාරයට ප්‍රතිචාරදැක්වීමට නොහැකි වීමයි. හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් යනු විධායකයේ ක්‍රියාවකි. එවන් කාරණාසම්බන්ධයෙන් අධිකරණයට කටයුතු කිරීමට නොහැක. හදිසි නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිවවාරණයක් ලබාගත හැකිනම්, හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන්ද පලක් නැත.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට හඳුන්වා දී ඇති විධිවිධාන (237-3 ඡේදය), වර්ථමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි ව්‍යවස්ථාව සම්බන්ධ අධිකරණ බලය වෙනම ව්‍යවස්ථාමයඅධිකරණයකට පැවරීම (181 සිට 191 දක්වා ඡේද) ඇතුලු තවත් ගැටලු ගණනාවක්ම ඇත. 1983 හයවන සංශෝධනයෙන් වත්මන් ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛණය හැටියට ඇතුළත් කරන ලදබෙඳුම්වාදයට එරෙහි විශේෂ ප්‍රතිඥාව අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ පෙනෙන්නට නැත. මෙහිදී අපසඳහන් කර ඇත්තේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ අපට එකඟ විය නොහැකි විධිවිධාන කිහිපයක්පමණක් බව සැලකිය යුතුය.

මේ ව්‍යවස්ථා කෙටුම්පතේ පැහැදිලි රටාවක් පෙනෙන්ට තිබේ. එමඟින්  පාර්ලිමේන්තුවත් මධ්‍යමආණ්ඩුවත් හැකි තරම් දුර්වල කරනු ලැබේ. පලාත් සභා හැකි තරම් බල සම්පන්න කරනු ලැබේ. ආණ්ඩුකාරවරුන් මහ ඇමතිවරුන්ට යටත්කරනු ලැබේ. සෑම පලාත් සභාවකටම වෙන වෙනමසන්නද්ධ පොලිස් සේවාවන් ඇති කරනු ලැබේ. පලාත් සභා වලට අයත් බලතල මොනවාද, මධ්‍යමආණ්ඩුවට අයත් බලතල මොනවාද යන්න දැන්මම ප්‍රකාශයට පත් නොකර, පසුව නියම කරගැනීමට  ඉඩ ඉතුරු කරනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල හදිසි නීතියවත් ප්‍රකාශ කිරීමට බැරිතත්වයක් ඇති කරනු ලැබේ. මේ සියල්ලම කුමණ අරමුණකින් කරනවාද යන්න කාටත් පැහැදිලිවිය යුතුය.

අද රට පාලනය කරන එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතිකසන්ධානය ඇතුලු හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප්‍රවේශය නිසාආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතල ලෙස පලුදු වී ඇත. ඔවුන් ජනතාවත්ශ්‍රේෂ්ඨාධිකරණයත් නොමඟ හැරීම සඳහාම 19 වන සංශෝධනය තුළින් හිස් වගන්ති ව්‍යවස්ථාවටඇතුළත් කළ ආකාරය කවුරුත් දනී.  සම්පූර්ණයෙන්ම වෙනත් කාරණා සඳහා ඉදිරිපත් කර  තිබුණු පනත් කෙටුම්පත් දෙකකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ගෙන එනු ලැබූසංශෝධන වලින් පලාත් පාලන මැතිවරණ ක්‍රමයත් පලාත් සභා මැතිවරණ ක්‍රමයත් පස්සා දොරින්වෙනස් කළ ආකාරය කවුරුත් දනී. 2016 අගෝස්තු මාසයේදී විවාදයක්වත්, හරිහමන්ඡන්දයක්වත් නොපවත්වා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් මැද මේ ආණ්ඩුව අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්හැටි කවුරුත් දනී.

මේ ආණ්ඩුවේ  කපටිකම් වලට සීමාවක් නැත. ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු ඔවුන්  කතාකරන්නේ බුද්ධාගමට හිමි තැන ගැනත් ‘ඒකීය’ යන වචනය ගැනත් පමණය. අපට ලබා දී ඇතිකෙටුම්පතේ මේ කාරණා දෙකම සම්බන්ධයෙන් විකල්ප වගන්ති යෝජනා කර ඇත. අප මෙතනදීපරීක්‍ෂාකාරී විය යුතුය. බෙදුම්වාදීන්ටයි ෆෙඩරල්වාදීන්ටයි වැදගත් වන්නේ නමවත්, වචනයවත්නොවේ. ඔවුනට අවශ්‍ය දේ ලැබෙනවා නම්, නම කුමක් වුවත් ඔවුනට ප්‍රශ්නයක් නැත. මේ පිරිසසැබවින්ම ඉලක්ක කරගෙන සිටින්නේ ඒකීය කියන වචනයවත් බුදු දහමවත් නොවේය. රටේඒකීය භාවය ගැනත් බුදු දහම ගැනත් ඉදිරිපත් කර තිබෙන විකල්ප වගන්ති කේවල් කිරීමේඋපක්‍රමයක් ලෙස ඔවුන් විසින්ම  ඉල්ලා අස් කරගෙන බොරු නම්‍යශීලී බවක් පෙන්වා මේ ව්‍යවස්ථාකෙටුම්පතේ හරය වෙන ෆෙඩරල් පාලන ක්‍රමය දිනා ගැනීමට ඔවුන්  උත්සාහ කිරීමට ඉඩ ඇත.

විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ උප්පරවැට්ටි ගැන අවබෝධයෙන් සිටිය යුතු යැයි මමගෞරවයෙන් ඉල්ලා සිටිමි. වර්ථමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන දී තිබියදීත්, මේ ආණ්ඩුවභික්‍ෂූන් වහන්සේලාව මර්ධනය කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා ඒකීය ලේබලය එළෙසමතිබියදී ඔවුන්ට රට ෆෙඩරල් කළ හැක. මේ රටේ දමිළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේඋතුරු නැගෙනහිර පලාත් වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වන්නේනැගෙනහිර පළාතෙන් පිටය. මේ වගේ රටකට අලුත් ව්‍යවස්ථාවක් සෑදිය යුත්තේ ඒ යතාර්ථයත්හිතේ තබාගෙනය.

වර්ථමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථාසංශෝධන වලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුලුල්වෙනස්කම් සිඳු විය යුතු බව අපි පිළිගනිමු. 19 වෙනි සංශෝධනය නිසා පමණක් මොන තරම්අවුලක් ඇති වී තිබෙනවාද? ඇතැම් දේශපාලන පක්‍ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම්ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්‍ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසිජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත්අපි පිළිගනිමු. ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනාඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේඑම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්‍ෂවලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි.

*මහින්දරාජපක්‍ෂ – විපක්‍ෂනායක