අගුණුකොලපැලස්සේ රැදවියන්ට පහරදීම ගැන පළමු වාර්තාව භාරදෙයි

අගුණුකෙළපැලැස්ස බන්ධනාගාරය තුලදී රැදවියන් පිරිසකට අමානුෂිකව පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පළමු කමිටුවේ වාර්තාව විෂයභාර අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියට භාරදී තිබෙනවා.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වාර්තාව සිද්ධිය සම්බන්ධ නිලධාරීන් හා රැඳවියන් 40 දෙනෙකුට අධික පිරිසකගේ ප්‍රකාශ පදනම් කරගනිමින් සකස් කර ඇති බවයි. බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට සාමාජිකයින් 3 දෙනකු ඇතුලත්වූ අතර පහරදීම සිදුවන දර්ශන ඇතුළත CCTV වීඩියෝ පට මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් පොලීසිය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වන බවයි එම වාර්තාව මගින් හෙළිකර ඇත්තේ.

එසේම පහරදීමට සම්බන්ධ පුද්ගලයින්ට ආයතනික පටිපාටිය යටතේ, දඬුවම් ලබා දිය යුතු බව ද වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා මීට අදාළව විමර්ෂණ සිදුකරන දෙවන කමිටුවේ වාර්තාව ලබන සතියේ අමාත්‍යවරිය වෙත භාරදීමට නියමිතයි.