කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට විවෘතයි

කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ ඊට අවශ්‍ය ස්ථාවර නියෝග සංශෝධනය කරමින් පවතින බවයි.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම්ද මාධ්‍යයට විවෘත කිරීමටයි සාකච්ජා ක්‍රියාත්මක වන්නේ.

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාද කමිටුවේ කටයුතු මාධ්‍යයට විවර කරන ලෙස කථානාකවරයාගෙන් ඉල්ලීමක් සිදුකළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න