මැතිවරණ කොමිසමට බලය දෙන්න / මන්ත්‍රී දිනේෂ් ඉල්ලයි

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පාදුක්ක ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම මැතිවරණය පැවැත්වීම වැලැක්වීම සඳහා ආණ්ඩුව සියළු ආකාරයේ අවහිර කිරීම් සිදු කරමින් පවතින බවයි.
මැතිවරණ කොමිසමට මෙහි බලය ලබාදීම හරහා එම බාධා අවසන් කළ හැකි බවද මන්ත්‍රීවරයා සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න