අධික හිම පතනයෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් නවතී

අධික හිම පතනයෙන් එල්ලවූ බාධා සමග බ්‍රිතාත්‍යයේ ගුවන් තොටුපල රැසක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ මැන්චෙස්ටර් හා ලිවර්පූල් ගුවන් තොටුපලවල ගුවන් ධාවන පථ අයිස් තට්ටුවකින් වැසී ගොස් ඇති බවයි.
ඒ අනුව එම ගුවන් තොටුපල හරහා සිදුකරන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.
මේ වන විට එම ගුවන් තොටුපලවල රදවා තිබූ ඇතැම් ගුවන් යානා පවා හිමෙන් වැසී ගොස් ඇති බව සදහන්.
එම ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කිරීමට මෙම අධික හිම පතනයද බාධාවක් වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න